ඉතිහාසයේ නිර්මාණය කර ඇති ශක්තිමත්ම රොකට් පද්ධතිය වන SpaceX “Starship”, නව අත්හදා බැලීමකට සූදානම් වනවා.
SpaceX පවසන්නේ රාත්‍රියේ පැයක පරීක්ෂණ ගමනක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
කාලගුණය හා තාක්ෂණික හේතු මත නියමිත වේලාව වෙනස් විය හැකි අතර වෙබ් විකාශනයක් ද මිනිත්තු 30 පෙර ආරම්භ වනු ඇති බවයි සමාගම පවසන්‌නේ.
කාර්ය මණ්ඩලයක් නොමැති මෙම ගමනේ අරමුණ වන්නේ පෙර අසාර්ථක වූ අත්හදා බැලීම්වලදී උත්සාහ නොකළ පරීක්ෂණ අරමුණු සම්පූර්ණ කිරීමයි.
SpaceX සමාගම විසින් ජනවාරි මාසයේදී Starship රොකට්ටුව එළිදක්වනු ලැබුවා.