Latest News

ලොව ප්‍රථමවරට මොළයේ පිළිකා සඳහා නව ඖෂධයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ පළමු වරට මොළයේ පිළිකා සඳහා නව ඖෂධයක් අත්හදා බැලීමෙන් (clinical trial) සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වික්ටෝරියානු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම අත්හදා බැලීමේදී Safusidenib නමැති නව ඖෂධය රෝගීන්ට ලබාදී ඇති අතර මොළයේ ඇති පිළිකා සෛලවල ක්‍රියාකාරිත්වය අඩු කළ හැකි බව එහිදි සොයාගැණුන බවයි වාර්තා වන්නේ.

මොළයේ පිළිකා ඇතිවීමට හේතුවන IDH1 ජාන විකෘතිය ඉලක්ක කරමින් මෙම ඖෂධය ක්‍රියා කරන බවද විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

මෙම අත්හදා බැලීමේ ප්‍රතිඵල Nature Medicine නම් ජාත්‍යන්තර පත්‍රිකාවේ ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය මොළයේ පිළිකා සඳහා නව ප්‍රතිකාර මාර්ගයක් ලෙස එය සැලකෙන බවද විද්‍යාඥයින් සදහන් කර තිබෙනවා.

මෙම සොයාගැනීම මගින් මොළයේ පිළිකා ඇති රෝගීන්ට අනාගතයේදී වැඩි බලාපොරොත්තුවක් ලබා දිය හැකි බව විද්‍යාඥයින් විශ්වාසය පළ කරන අතර මෙම ඖෂධයේ සැබෑ බලපෑම දැකගැනීමට හැකි වීම අනාගතයේදී personalised treatments සඳහා යොදා ගැනෙනු ඇති.

මෙම පර්යේෂණය සඳහා වික්ටෝරියානු රජයෙන් ඩොලර් මිලියන 16 ක් ලබා දී ඇති අතර ඉදිරියේදී විශාල පර්යේෂණ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

World News

Send your contact Details Today