Latest News

අප්‍රිකාවෙන් පසු මීළඟට දරුණු සාගතයක් ඇතිවන රට ගැන අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ මිලියන භාගයකට අධික ජනතාවක් සාගතයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සහාය ලත් සාගත සමාලෝචන කමිටුව ඉදිරිපත් කළ වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

කෙසේවෙතත් එය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සහාය ලත් කණ්ඩායම පැවසුවේ 514,000 ක් එනම් ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සාගතයෙන් පෙළෙන බවයි.

සැප්තැම්බර් අවසානය වන විට එම සංඛ්‍යාව 641,000 දක්වා ඉහළ යනු ඇති බව ඔවුන් සඳහන් කරනවා.

අප්‍රිකාවෙන් පිටත සාගතයක් ජාත්‍යන්තර වශයෙන් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වනු ඇති.

මෙම කමිටුව අනාවැකි පළ කළේ ලබන මාසය අවසන් වන විට මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ඩෙයර් අල්-බාලා සහ ඛාන් යුනිස් වෙත සාගත තත්වයන් පැතිරෙනු ඇති බවයි.

World News

Send your contact Details Today