ගාසා තීරයේ, යුක්‍රේනයේ සහ ලොව පුරා ගැටුම් පවතින අනෙකුත් ප්‍රදේශවල සාමය සඳහා යාච්ඤා සහ උපවාස දිනයක් සිදු කිරීමට XIV වන ලියෝ පාප්තුමා කළ ඉල්ලීමට ලොව පුරා කතෝලිකයන් කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව ඉතාලියේ සහ මහාද්වීප පහක පල්ලි, සැන්ට්’එජිඩියෝ ප්‍රජාව, ACLI, පැක්ස් ක්‍රිස්ටි, කොමියුනියන් සහ විමුක්තිය, කතෝලික ක්‍රියාමාර්ග වැනි සංවිධාන සහ සංගම් සහ තවත් බොහෝ රදගුරු පදවි ඒ සඳහා සූදානම් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඒ වෙනුවෙන් “අද අපි සාමයේ රැජින ලෙසද හඳුන්වනු ලබන භාග්‍යවත් කන්‍යා මරිය තුමියගේ අනුස්මරණය සමරමු,” “සාමයේ ත්‍යාගය සඳහා ස්වාමින් වහන්සේට කන්නලව් කරමින් මේ දවස උපවාසයෙන් හා යාච්ඤාවෙන් ජීවත් වෙමු.” ලෙස X සටහනක් ද XIV වන ලියෝ පාප්තුමා විසින් තබා තිබෙනවා.
අදාළ සම්පූර්ණ X සටහන පහතින්…
