Latest News

කෘතීම බුද්ධිය භාවිතය නිසා මිනිසුන්ට හැදෙන අලුත් මානසික රෝගයක් ගැන අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

AI psychosis ලෙස හැදින්වෙන නව තත්ත්වයක් මිනිසුන් අතර වැඩි වීම හරහා පුද්ගලයින් මානසික බිඳවැටීමකට ලක්වෙතැයි සැකයක් තමන්ට ඇති වී තිබෙන බව Microsoft AI ප්‍රධානී Mustafa Suleyman පවසනවා.

AI psychosis ලෙස හැදින්වෙන මෙමගින් ඇසට පෙනෙන සත්‍ය විශ්වාස නොකර කෘතීම බුද්ධියෙන් ප්‍රශ්න විසදීමට උත්සාහ කරන තත්වයක් පෙන්නුම් කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

AI භයංකර දෙයක් නොව එය භාවිතයට ගන්නා අතරම තම පවුල, මිතුරන්, වෛද්‍යවරුන් සමග සමීපව ඇසුරු කරමින් තම ගැටළු සාකච්චා කරන ලෙසයි Microsoft AI ප්‍රධානී Mustafa පෙන්වා දෙන්නේ.

එමෙන්ම ChatGPT, Claude, Grok වැනි chatbots සමඟ අධික ලෙස බැඳී සිටින පුද්ගලයින් එමගින් ලැබෙන නිර්මානාත්මක කතා සත්‍ය බවට විශ්වාස කරන තත්වයක් ඇති වී තිබෙන බව ඔහු සදහන් කරනවා.

AI chatbots වලට මානුශීය හැගීම් දැනීම් නොදැනෙන අතර ඒ්වා මිනිසුන් ලෙස පෙනුනද සැබෑවටම විශ්වාස කළ යුත්තේ තම පවුල, මිතුරන් සහ සත්‍ය මිනිසුන් පමනක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

AI chatbots බොහෝ විට පරිශීලකයාගේ අදහස් වලට සෘජුව ප්‍රතිවිරුද්ධ නොවීම හෙවත් කියන දේට එකඟ වෙමින් තහවුරු කිරීම පමණක් සිදු කරන බවද Microsoft AI ප්‍රධානී Mustafa Suleyman පවසනවා.

World News

Send your contact Details Today