බ්‍රිතාන්‍යයේ Riverside හි South Morgan Placeහිදී ශ්‍රී ලාංකික කාන්තාවකට බරපතල තුවාල සහිතව මියගොස් සිටි බව සවුත්වේල්ස් පොලීසිය පවසනවා.
32 හැවිරිදි නිරෝධා කල්පනී නම් ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
සවුත්වේල්ස් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඩී.සී.අයි මැතිව් ඩේවිස් පවසන්නේ බරපතල තුවාල ලැබූ කාන්තාවක් පිළිබඳ අගෝස්තු 21 වන දින උදෑසන 7.37 ට පැමිණිල්ලක් ලැබුණු බවයි.
එම ස්ථානයට පැමිණි පරිපූරක වෛද්‍යවරුන් ඇයව බේරාගැනීමට උත්සහ කළද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව එරට පොලීසිය කියාසිටියා.
පසුව ඊට සුළු වේලාවකට පසු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 37 හැවිරිදි නිරෝධ නම් පුද්ගලයෙකු අතුඅඩංගුවට ගත් බව සවුත්වේල්ස් පොලිස් වෙබ් අඩවියේ සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් ඇත්නම් දැනුම්දෙන්නැයි බ්‍රිතාන්‍යයේ රහස් පරීක්ෂකයින් ඉල්ලා සිටිනවා.