Latest News

යුක්‍රේන දරුවෙකුට ඉතාලියේදී අත් වූ අවාසනාවන්ත ඉරණම

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හය හැවිරිදි යුක්‍රේන සරණාගත පිරිමි ළමයෙකු පාදුවා රෝහලකදී මිය ගොස් තිබෙනවා.

ඒ වැනීසිය අසල සැන්ටා මාරියා ඩි සාලා හි පදික මාරුවක් හරහා යමින් සිටියදී මෝටර් රථයක ගැටී තුවාල ලැබීමෙන් අනතුරව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

මෝටර් රථයෙන් මීටර් කිහිපයක් ඈතට විසි කරන ලද දරුවා, ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ, දරුවාගේ මොළය මිය ගොස් ඇති බව ප්‍රකාශ කළ අතර, ඔහු එදින සවස මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මව මෙන්ම පිරිමි ළමයා ද තම රටේ යුද්ධයෙන් පලා ගිය යුක්‍රේන සරණාගතයන් වූ අතර පැරණි රෙක්ටරියක් තුළ අනෙකුත් යුක්‍රේන පවුල් සමඟ නැවතී සිටියා.

World News

Send your contact Details Today