Latest News

PUBG ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි සිසුවෙක් දිවි නසාගනියි – හේතුව මෙන්න

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය අන්තර්ජාල ක්‍රීඩාවක් වන PUBG ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි පාසල් සිසුවෙක් සියදිවි නසාගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

PUBG ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි මෙම සිසුවාගේ දුරකථනය මව්පියන් විසින් ඊයේ (21) රැගෙන යාමෙන් පසු මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බෙටි රිෂේන්ද්‍ර නම් මෙම සිසුවා දිනකට පැය 10 කට වඩා වැඩි කාලයක් PUBG ක්‍රීඩාවේ නියැලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔහු පාසලට යාම පවා ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙම තත්ත්වය මත ඔහුගේ දෙමව්පියන් විසින් ඔහුව උපදේශනය සඳහ මනෝචිකිත්සකයෙකු සහ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමටද කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවන්වල දී සිසුවා වෛද්‍යවරයාට පවා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

World News

Send your contact Details Today