කෙටි කාලයක් හෝ ස්වභාවික පරිසරය සමග කාලය ගත කිරීම මඟින් ආතතිය හා ගැටුම් හේතුවෙන් ක්‍රියාකාරිත්වය අඩු වූ මොළය නැවත සකස්කර ගැනීමට හැකි බව විද්‍යාඥයන් පවසනවා.
වර්තමානයේ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය පුවත් / E-Mail වැනි තොරතුරු වලට නිරන්තරයෙන් මුහුණ දෙනවා.
Directed attention ලෙස හැදින්වෙන මෙමගින් මොළයට විවේකය නැතිවී අවධානය අඩුවන බවයි පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ.
මොළය වෙහෙසට පත්කිරීම හෙවත් attentional fatigue තත්වයක් ලෙස හැදින්වෙන මෙමගින් කිසියම් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වන අතර ක්‍රමයෙන් මොළයේ ක්රියාකාරීත්වයද අඩු වනවා.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ටික කාලයක් ස්වභාවික පරිසරය සමග ගත කරද්දි Undirected attention හෙවත් අවම අවධානය යොමු කිරීම හේතුවෙන් මනස නැවත සකස් වන බවයි.
මනෝවිද්‍යාඥ Rachel සහ Stephen Kaplan ඉදිරිපත් කළ Attention Restoration Theory (ART) අනුව විද්‍යාත්මක පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත්තේ ස්වභාවික පරිසරය තුළ මිනිත්තු 10ක් පමණ මනස නිදහස්ව තබා ගැනීමෙන් පවා කාර්ය සාධනය වැඩි කර ගැනීමට හැකියාව ඇති බවයි.
වැඩ වලින් ඉවත් වී ස්වභාවික පරිසරය තුළ කෙටි කාලයක් හෝ ගත කිරීම කාලය නාස්ති කිරීමක් නොව මොළයට නඩත්තුවක් ලබා දී නැවත සකස් කිරීමක් බවයි මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.