Latest News

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කරයි – එන දවස මෙන්න

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන 2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ එක්දින තරග තුනකට සහ විස්සයි-20 තරග තුනකට සහභාගි වීම සඳහායි.

මේ අනුව ලබන 2026 ජනවාරි 19 වැනිදා දිවයිනට පැමිණෙන එංගලන්ත කණ්ඩායම එක්දින තරගාවලියෙන් සිය තරග සංචාරය ආරම්භ කරනු ඇති.

ඒ අනුව එක්දින තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටටයි සූදානම්ව තිබෙන්නේ.

විස්සයි-20 තරග තුන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්.

මේ අතර එක්දින තරග පස්වරු 2.30ට ආරම්භ කෙරෙන අතර විස්සයි-20 තරග පස්වරු 7.00ට ආරම්භ කිරීමටයි නියමිතයි.

එම තරග කාල සටහන පහතින්…

  • ජනවාරි 19 – 1 වැනි එක්දින තරගය
  • ජනවාරි 24 – 2 වැනි එක්දින තරගය
  • ජනවාරි 27 – 3 වැනි එක්දින තරගය
  • ජනවාරි 30 – 1 වැනි විස්සයි20 තරගය
  • පෙබ‍රවාරි 01 – 2 වැනි විස්සයි20 තරගය
  • පෙබ‍රවාරි 03 – 3 වැනි විස්සයි20 තරගය

World News

Send your contact Details Today