පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැඩී තීරණයක් ගෙන තිබෙනවා.
ඒ 2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට A ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමටයි.
පසුගිය වසරේදී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබුණේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ටයි.
නමුත් මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා.
පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ සිටි පාකිස්තාන ටෙස්ට් නායක ෂාන් මසූඩ්ට D කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා.
මේ අතර නඩු කටයුත්තක් හේතුවෙන් වසර 8ක් පමණ මධ්‍යම කොන්ත්‍රාත්තුව අහිමිවූ ෆකාර් සමාන්ට මෙම වසරේදී B කාණ්ඩයෙන් කොන්ත්‍රාත්ව හිමිවුණා.