Latest News

වසර 113ක් පැරණි ඓතිහාසික දේවස්ථානයක් වෙනත් තැනකට යයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්වීඩනයේ පිහිටි වසර 113ක් පැරණි ඓතිහාසික කිරුනා දේවස්ථානය වෙනත් නවතැනකට රැගෙන යෑම සඳහා එරට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

එම දේවස්ථානය දැනට පවතින ස්ථානයෙන් කිලෝමීටර් 5ක් දුරින් පිහිටි නව නගර ගොඩනැගිල්ලක් වෙත ගෙන යන බවයි සඳහන් වන්නේ.

දේවස්ථානය පිහිටි භූමිය තුළ යපස් කැණීම් හේතුවෙන් ඇති වූ අස්ථාවරතාවයක් නිසා මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඓතිහාසික කිරුනා දෙව් මැදුර 1950 වසරට පෙර ඉදිකළ සුන්දරම ගොඩනැගිල්ල ලෙසද වරෙක තේරීපත් වී තිබීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today