Latest News

ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ගැන මහ බැංකුවේ නවතම දත්ත හෙළිකළ දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියත් සමඟ පොලී අනුපාත අඛණ්ඩව පහත වැටීම හේතුවෙන්, 2025 ජුනි මාසයේදී රට තුළ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 10,934කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත හෙළි කරනවා.

මෙම නව කාඩ්පත් එකතු වීමත් සමඟ, 2025 ජුනි මාසය අවසන් වන විට රට තුළ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,075,744 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2025 මැයි මාසයේදී වාර්තා වූ 2,064,810ට සාපේක්ෂව සියයට 0.52ක වර්ධනයක් බව සඳහන්.

එසේම, 2025 වසරේ පළමු මාස 6 තුළ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව සියයට 3.36කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.

ආර්ථික ප්‍රකෘතියත්, පහළ යන පොලී අනුපාතත් හේතුවෙන් පාරිභෝගික විශ්වාසය ඉහළ යාම මෙම වර්ධනයට හේතුවී ඇති බව විශ්ලේෂකයෝ පවසනවා.

මෙම තත්ත්වය, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ධනාත්මක ලකුණක් ලෙස සැලකේනවා.

විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් ගනුදෙනු ඉහළ යාමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ මෙම ඉහළ යාම, පාරිභෝගික වියදම් රටාවන් ඉහළ නැංවීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එහෙත්, මූල්‍ය විනය පවත්වා ගැනීම සහ ණය බර වැඩිවීම වැළැක්වීම සඳහා පාරිභෝගිකයින්ට මූල්‍ය අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම විශ්ලේෂකයන් අවධාරණය කරනවා.

World News

Send your contact Details Today