ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අක්ෂාර් පටෙල් වෙනුවට උප නායකයා ලෙස ශුබ්මන් ගිල් යළි කණ්ඩායමට එක්කර තිබීම විශේෂත්වයක්.
කෙසේවෙතත් මේ වසරේ පැවති s IPL ක්‍රිකට් තරඟාවලියේදී පිත්තෙන් ඉහළ දස්කම් දක්වමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ගෙන ගිය ශ්‍රෙයාස් අයියර්ට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ.
ආසියානු කුසලානයේදී ඉන්දියාව A කාණ්ඩයෙන් තරඟ වදින්නේ පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි.
ශ්‍රී ලංකාව ද සහභාගී වන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා ආරම්භ වනවා.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය පහත පරිදි වනවා…


