EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන ඉල්ලුම වෙගයෙන් ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබෙනවා.
2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහ ඉන්ධන භාවිත කරන Hybrid වාහන අපනයනය 210% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
එහිදී බැටරි පමණක් අඩංගු EV අලෙවිය ඉහළ ගොස් තිබෙන්නේ 40%කින්.
චීනයේ මේ Hybrid වාහන වැඩි වශයෙන්ම මිලදී ගෙන තිබෙන්නේ යුරෝපීය වෙළෙඳපොළ වන අතර එහිදී යුරෝපයට ආනයනය කරන බැටරි පමණක් අඩංගු සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන සංඛ්‍යාව 2%කින් පමණ පහත වැටීමද විශේෂත්වයක්.
චීන EV නැත්නම් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මෙලෙසින් වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරී තත්ත්වයක තිබියදීයි.