Latest News

ට්‍රම්ප්, සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් අතර සාකච්ඡාවල සිදු වූ දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන-රුසියා යුද ගැටුම සම්බන්ධයෙන් සාම මාවතකට පිවිසීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් ඩීසී හි ධවල මන්දිරයේදී යුක්‍රේන ජනපති වොලොද්මිර් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ට්‍රම්ප් පවසන්නේ තමා අදාළ නායකයින් සමඟ ‘හොඳ රැස්වීමක්’ පැවැත්වූ බවයි.

අමෙරිකාවේ සම්බන්ධීකරණයෙන් යුරෝපය විසින් යුක්‍රේනයට සපයනු ලබන ආරක්ෂක සහතික කිරීම් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ට්‍රම්ප් කියා සිටියා.

රුසියානු ජනාධිපතිවරයාගේ වෙළඳ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත කිරිල් ඩිමිත්‍රීව් පවසා ඇත්තේ ධවල මන්දිරයේ පැවති රැස්වීම් ‘රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අතිශය වැදගත් දිනයක්’ ලෙසයි.

ට්‍රම්ප්, සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් අතර සාකච්ඡාවල අවධානය ‘තාවකාලික සටන් විරාමයක් නොව කල් පවතින සාමය’ කෙරෙහි යොමු වූ බව ඔහු සමාජ ජාලයෙහි සටහන් කර තිබෙනවා.

සාකච්ඡාවෙන් පසුව සෙලෙන්ස්කිට ට්‍රම්ප් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබෙනවා.

එය අවසන් වූ පසු, සෙලෙන්ස්කි ධවල මන්දිර භූමියෙන් පිටතට ගොස් යුක්‍රේන වාර්තාකරුවන් සමඟ කතා කර තිබුණා.

රැස්වීම හොඳ සහ සාමාන්‍ය වූ බව පවසමින් ඔහු බොහෝ විට භාවිතා කිරීමට කැමති වන වචන දෙකකින් සාකච්ඡාව පිළිබඳ විස්තර කර තිබෙනවා.

ඉන්පසු ඔහු ත්‍රෛපාර්ශ්වික සමුළුවක් පිළිබඳ අදහස් පළකළා.

නමුත් ඔහු පැවසුවේ, පළමුවෙන්ම, ට්‍රම්ප් තවදුරටත් සාකච්ඡා ගෙන ඒමේ තේරුමක් තිබේදැයි බැලීමට රුසියානුවන් සහ යුක්‍රේනිය අතර රැස්වීමක් පැවැත්විය යුතු බවයි.

ඔහු වාර්තාකරුවන්ට මෙසේ ද පැවසුවා.

“අපි ත්‍රෛපාර්ශ්වික රැස්වීමකට සූදානම්, රුසියාව, අමෙරිකානු ජනාධිපතිවරයාට ද්විපාර්ශ්වික යෝජනාවක් ඉදිරිපත් කළහොත්, එය ත්‍රෛපාර්ශ්වික විය හැකි නම්, අපට එහි ප්‍රතිඵලය පෙනේවි. යුක්රේනය කිසි විටෙකත් සාමය කරා යන ගමනේදී නතර වෙන්නේ නෑ. අපි ඕනෑම ආකාරයක ආකෘතියේ සාකච්ඡාවකට සූදානම් බවත්, නමුත් නායකයින්ගේ මට්ටමින් එය විය යුතු බවත් මම කිව්වා.”

ඉදිරියේදී සෙලෙන්ස්කි සහ පුටින් අතර හමුවක් සඳහාත්, පසුව ට්‍රම්ප් සහ ඔවුන් දෙදෙනා අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් සඳහාත් කටයුතු සූදානම් වෙමින් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today