Latest News

දිල්ලියේ පාසල් කිහිපයකට නැවතත් බෝම්බ බියක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති බවට වන ඊ-මේල් ලැබීම නිසා එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක් පවතින බවටයි.

මේ පිළිබඳ පාසලෙන් දැනුවත් කළ වහාම දිල්ලි පොලීසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ පොලිස් සුනඛයන් සෝදිසි කිරීම් සඳහා ගොස් තිබෙනවා.

විමර්ශන තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

කෙසේවෙතත් මීට පෙර ද බෝම්බ තර්ජන ඇති ඇමතුම් ලැබී තිබුණ ද ඒවා ව්‍යජ තොරතුරු වී තිබුණත්, අද දින පැමිණ තොරතුරු සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ වඩාත් වැඩි අවධානයක් යොමු කොට හදිසි ආරක්ෂක පියවර අනුගමනය කරන බවට පෙනී යන්නේ යැයි එරට මාධ්‍ය සඳහන් කරනවා.

ජුලි මාසයේදී ද එරට පාසල් කිහිපයකට බෝම්බ තර්ජන පැමිණ තිබුණා.

World News

Send your contact Details Today