Latest News

මාතර කොටු­වට පිවි­සෙන ලන්දේසි මාර්ගය යළි මතුවෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඓතිහාසික මාතර කොටුව සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක තොරතුරු ගවේෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කරන කැණීම් වැඩසටහනක් අතරතුර, ලන්දේසි පාලන සමයට අයත් යැයි විශ්වාස කෙරෙන පැරණි මාර්ගයක් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම මාර්ගය හමුවී ඇත්තේ මාතර කොටුවේ ප්‍රධාන දොරටුව ආසන්නයේ සිදුකළ කැණීම් වලදීයී.

වර්තමානයේ භාවිතයට ගැනෙන මාර්ග පද්ධතියට වඩා අඩි එකහමාරක් හෝ දෙකක් පමණ ගැඹුරින් මෙම පැරණි ගල් මාර්ගය පිහිටා ඇති බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා (17) මෙම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මූලික නිරීක්ෂණ අනුව මෙම ගලින් නිමවූ මාර්ගය ක්‍රිස්තු වර්ෂ 1700 අග භාගයට හෝ 1800 මුල් සමයට අයත් විය හැකි බවට අනුමාන කරන බවයි. සොයාගනු ලැබූ මාර්ගය සංරක්ෂණය කිරීමේදී, එය වත්මන් මාර්ගයට වඩා පහළින් පිහිටා තිබීම ප්‍රායෝගික අභියෝගයක් බවට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

World News

Send your contact Details Today