Latest News

ICC නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ස්ථාන කිහිපයකින් ඉදිරියට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මේ වන විට ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ නවතම එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයේ පසුවනවා.

එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක, එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 06 වන ස්ථානයේ පසුවන අතර කුසල් මෙන්ඩිස්ද එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 10 වන ස්ථානයේ පසුවනවා.

විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිස්සංක පසුවන්නේ 07 වන ස්ථානයේයි.

කුසල් ජනිත් පෙරේරා 12 වන ස්ථානයේ පසුවනවා. එමෙන්ම විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු හසරංග 06 වන ස්ථානය හිමිව තිබෙන අතර මහීෂ් තීක්‍ෂණට 11 වන ස්ථානය හිමිව තිබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව කමිඳු මෙන්ඩිස් 07 වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමවලට අනුව ප්‍රභාත් ජයසූරිය පසුවන්නේ 13 වන ස්ථානයේයි.

එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

World News

Send your contact Details Today