Latest News

සුපිරි එංගලන්ත ක්‍රීඩකයෙක්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත සංචිතයෙන් ඔවුන්ගේ නිත්‍ය නායක Ben Stokes ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක වන The Hundred ක්‍රිකට් තරගාවලියේ Northern Superchargers සහ Manchester Originals කණ්ඩායම් අතර පසුගිය ඉරිදා (11) දිනයේ පැවැත්වුණු තරගය අතරතුර Stokes පාදයේ ආබාධයකට ලක් වුණා.

මෙම ආබාධය නිසා ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත සමස්ත ටෙස්ට් තරගාවලිය ම අහිමි වී යනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙතෙක් කල් Stokesගේ උප නායකයා ලෙස කටයුතු කළ Ollie Pope හට හිමි වනු ඇති.

කෙසේ වෙතත් Stokesගෙන් ඇතිවන එංගලන්ත සංචිතයේ පුරප්පාඩුව පිරවීමට වෙනත් ක්‍රීඩකයකු නම් කර නොමැති අතර, මේ අනුව බොහෝ විට Jordan Cox එංගලන්ත පිතිකරණ ලැයිස්තුවේ අංක හය පිතිකරු ලෙස ටෙස්ට් වරම් දිනාගනු ඇති බවයි විශ්වාස කරන්නේ.

World News

Send your contact Details Today