Latest News

මීළඟ වසර 2 තුළ ශ්‍රී ලංකාවට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවැකියක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීලග වසර දෙක තුළදී රට පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

පසුගිය වසරේදී දළ දේශිය නිෂ්පාදනය සියයට 5 ක වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පෙනී යන්නේ ආර්ථික සීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි මහබැංකු අධිපතිවරයා කියා සිටින්නේ.

සිංගප්පූරුවේදී මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මහබැංකු අධිපතිවරයා සිංගප්පූරුවේදී ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට ද එක්වුණා.

කොළඹ කොටස් වෙළදපොල සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි මෙම සමුළුව සංවිධාන කළේ.

අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති මහාචාර්ය ඩී.බී.පී.එච්.දිසා බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා ද මෙහිදී දේශන පැවැත්වුවා.

මෙරට උද්දමනය පහත වැටෙමින් පවතින අතර විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6 ඉක්මවා ඇති බවද මහබැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියා.

1977 වසරේ විවෘත ආර්ථිකය හදුන්වාදීමෙන් පසු එක දිගට තුන්වන වතාවටත් මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට හැකි වි ඇතැයි නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා.

අපනයන ස්ථාවරත්වය ආදායම් වර්ධනය හා සංචාරක ව්‍යාපාරයේ පිබිදීම මේ සදහා බලපා ඇති බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

World News

Send your contact Details Today