Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ICCයෙන් වසර පහක තරග තහනමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.

එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය (Anti-Corruption Code) උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි එම කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

2021 වසරේ පැවති අබුඩාබි T10 ක්‍රිකට් ලීග් තරගාවලියේදී තරග පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සාලිය සමන් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකුට 2023 සැප්තැම්බර් මාසයේදී චෝදනා එල්ල වුණා.

ඒ අනුව, සම්පූර්ණ විභාගයකින් පසුව, විනිශ්චය සභාව විසින් සාලිය සමන් පහත සඳහන් චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කර තිබෙනවා.

2.1.1 වගන්තිය – 2021 අබුඩාබි T10 තරගාවලියේ තරග හෝ තරගවල අංශ නීති විරෝධී ලෙස සකස් කිරීමට, හෝ බලපෑම් කිරීමට උත්සාහ කිරීම.

2.1.3 වගන්තිය – දූෂිත ක්‍රියාවක නිරත වීම සඳහා වෙනත් ක්‍රීඩකයෙකුට ත්‍යාග පිරිනැමීම.

2.1.4 වගන්තිය – 2.1 වගන්තිය උල්ලංඝනය කිරීමට ඕනෑම ක්‍රීඩකයෙකුට සෘජුව හෝ වක්‍රව අනුබල දීම, පෙළඹවීම හෝ සහාය දීම.

සාලිය සමන්ගේ මෙම තහනම 2023 සැප්තැම්බර් 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි බල පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

World News

Send your contact Details Today