මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක යෙදී තිබූ පෞද්ගලික බස් රථයක් අද (16) මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි
අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.









PHOTO COURTESY: Accident First