Latest News

බ්‍රිතාන්‍යයේ අවුරුදු 10ක් වයසැති චෙස් ක්‍රීඩිකාවකගෙන් නව වාර්තාවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ අවුරුදු 10ක් වයසැති බොධනා සිවනන්දන් (Bodhana Sivanandan) ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු පරාජය කළ ලාබාලතම චෙස් ක්‍රීඩිකාව බවට පත්වී තිබෙනවා.

2025 බ්‍රිතාන්‍ය චෙස් ශූරතාවලියේ අවසන් වටයේදී 60 හැවිරිදි ග්‍රෑන්ඩ්මාස්ටර් පීටර් වෙල්ස් (Peter Wells) පරාජය කිරීමට ඇය සමත් වුණා.

ජාත්‍යන්තර චෙස් සම්මේලනය පවසන්නේ සිවානන්දන්ගේ ජයග්‍රහණය, වසර 10, මාස 11 සහ දින 20 කින් ග්‍රෑන්ඩ්මාස්ටර්වරයෙකු පරාජය කළ අමෙරිකානු ක්‍රීඩිකාව විසින් තබා ඇති වාර්තාව බිඳ දැමූ බවයි.

චෙස් ක්‍රීඩාවේදී, ග්‍රෑන්ඩ්මාස්ටර් යනු ක්‍රීඩකයෙකුට ලබා දෙන ඉහළම ගෞරවයයි.

එය ලබා ගත් පසු, එම ශ්‍රේණිගත කිරීම ජීවිත කාලය පුරාම පවතිනවා.

මෙම ජයග්‍රහණයෙන් පසු සිවානන්දන්ට Woman International Master (WIM) ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර එය කාන්තාවන්ට පමණක් ලබා දෙන දෙවන ඉහළම ශ්‍රේණිගත කිරීම වනවා.‍

තරගයෙන් අනතුරුව ඇය මාධ්‍යයට පවසා ඇත්තේ තම අනාගත ඉලක්කය ග්‍රෑන්ඩ්මාස්ටර් වීම බවයි.

World News

Send your contact Details Today