Latest News

උතුරු ඉන්දියාවේ හදිසි ගං වතුරෙන් මියගිය ගණන ඉහළට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ ඊයේ (14) පස්වරුවේ ඇදහැළුණු හදිසි ධාරාණිපාත වර්ෂාවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ, තවත් 200කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

කිෂ්ට්වාර් හි පිහිටි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට යමින් සිටි බැතිමතුන් පිරිසක් මෙම හදිසි ගංවතුරට හසුව තිබෙනවා.

ගංවතුර ඇතිවන අවස්ථාවේ මෙම බැතිමතුන් පිරිසක් කඳුකර ප්‍රදේශයේ පිහිටි ප්‍රජා ශාලාවක එක්රැස්වී දිවා ආහාර ගනිමින් සිට ඇති අතර, හදිසියේ ඇතිවූ ජල ගැලීමත් සමඟයි ඔවුන් ගසාගෙන ගොස් ඇත්තේ.

මීට සතියකට පමණ ඉහතදී උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක ඇතිවූ වැසි කුණාටුවකින් හටගත් හදිසි ජල ගැලීමකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදහන් වූ අතර, මෙය සතියක් තුළ හිමාලයානු කලාපයේ ඇතිවූ දෙවැනි ව්‍යසනය ලෙස සැලකෙනවා.

World News

Send your contact Details Today