ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු නොලබන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
රජයේ නිවාඩු දින අතරින් ජාතික නිදහස් දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩු දින 02ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දිනයන්හි කෞතුකාගාර වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කොළඹ ජාතික කෞතුකාගාරය හා ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව තබන වේලාව පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විවෘතව තබන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
අනෙනකුත් කෞතුකාගාර පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තබන බවත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 4 අවසන් කරන බවත් එම දෙපාර්තේම්න්තුව වැඩිදුරටත් සඳහන් කළා.