Latest News

මත ගැටුම් අතර මෝදී – ට්‍රම්ප් හමුවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය අගමැති මෝදි ලබන මාසයේ අමෙ රිකා ජනපති ට්‍රම්ප් හමුවීමට ඉඩ ඇති බව ඉන්දීය පුවත්පත් වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ලබන මාසයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.

එම සංචාරය අතරතුර ඉන්දීය අගමැතිවරයා ජනපති ට්‍රම්ප් හමුවීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මීට ප්‍රතිචාර දක්වා නැහැ.

ඉන්දීය බලධාරියෙකු සඳහන් කළේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

අමෙරිකාව ඉන්දියාවට සියයට 50ක තීරුබදු පැනවීමෙන් පසු දෙරට අතර මේ වනවිට මත ගැටුම් නිර්මාණය වී තිබෙනවා.

එවැනි පසුබිමකයි මෙම හමුව සිදුවීමට නියමිතව ඇත්තේ.

World News

Send your contact Details Today