මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (13) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.
මැලේසියාවේ ක්වාලාම්පූර් හී පැවති මෙම තරගාවලිය අගෝස්තු මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා ලෝකයේ රටවල් 22ක 500කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනාගැනීමට සමත් වීම විශේෂත්වයක්.
දිවයිනට පැමිණි ශුරයින් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමව්පියන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි WESL Radio ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.