ඇල්බට් අයින්ස්ටයින් වැනි මිනිසාට සමාන අනුරූ සි යාන්ත්‍රික බට්ලර්වරුන්ගේ (mechanical butlers) දක්වා සියල්ල අලෙවි කරන නව රොබෝ සාප්පුවක් බීජිං හි විවෘත කර තිබෙනවා.
සිකුරාදා චීන අගනුවර දියත් කරන ලද මෙම Robot Mall එකේ නිෂ්පාදන වර්ග 100 කට වඩා අලෙවි කිරීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.
මෙය Humanoid රොබෝවරුන් අලෙවි කරන චීනයේ පළමු වෙළඳසැල්වලින් එකක් ලෙස සැලකෙනවා.
මෙහි මෝටර් රථ අලෙවිසැලක් මෙන් විකුණුම්, අමතර කොටස් සහ නඩත්තු ඇතුළු සේවාවන් සපයීම විශේෂත්වයක් වනවා.
මන්දගාමී ආර්ථික වර්ධනය සහ වයස්ගත ජනගහනය වැනි අභියෝග ජය ගැනීම වෙනුවෙන් චීනය රොබෝ විද්‍යාව සහ කෘතිම බුද්ධිය (AI) සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා.
විකිණීමට ඇති රොබෝවරුන්ගේ මිල ඇමරිකානු ඩොලර් 278 සිට ඉහළ බවයි වාර්තා වන්නේ.
මෙම රොබෝ සාප්පු සංකීර්ණය තීම් රෙස්ටුරන්ට් (themed restaurant) එකක් අසල පිහිටා ඇති අතර, එහිදී රොබෝවරු භෝජන සංග්‍රහය සඳහා සේවය කරන අතර යාන්ත්‍රික සූපවේදීන් විසින් ආහාර පිසිනු ලැබෙනවා.



