Latest News

සංජු, රාජස්ථාන් රෝයල්ස් හැර යන බව කියයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දීර්ඝ කාලීනම ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් නායකයාද වන සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඔහු සිය යෝජනාව කණ්ඩායම් පාලනාධිකාරියට දැනුම් දී ඇති නමුත් ඒ පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

සැම්සන් කණ්ඩායමෙන් නිදහස් කරනවා නම් එළැඹෙන තරගවාරයට අදාළ වෙන්දේසියට පෙර එම තීරණය යුතුව තිබෙනවා.

ඒ අනුව සංජු සැම්සන්ගේ ඉල්ලීම පිළිගෙන ඔහුව නැවත වෙන්දේසි සංචිතයට මුදා හරිනවාද නැතහොත් වෙනත් තීරණයක් ගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ වගකීම කණ්ඩායම් හිමිකරුවන්ට පැටවී තිබෙන බව සඳහන්.

පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහුව රඳවා ගත් අතර, ඒ හේතුවෙන් ඉදිරි වාර දෙක සඳහා ද රාජස්ථාන් හිමිකරුවන්ට ඔහුව රඳවා ගත හැකියි.

ඒ අනුව රාජස්ථාන් හිමිකරුවන් සැම්සන්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළහොත්, IPL නීතිරීති අනුව ඔහුට වසර තුනක ගිවිසුම අත්සන් කර ඇති තම කණ්ඩායම සමගම රැඳී සිටීම හැර වෙනත් විකල්පයක් නැහැ.

2013 වසරේ දී IPL වරම් හිමිකරගත් සංජු සැම්සන් මේ වනවිට ඉනිම් 172ක් ක්‍රීඩාකර ලකුණු 3383ක් රැස්කරගෙන සිටින අතර ඊට ශතක 3ක් හා අර්ධ ශතක 26ක් ඇතුළත්.

World News

Send your contact Details Today