පාකිස්තාන යොවුන් පිතිකරුවෙක් වන 24 හැවිරිදි හයිඩර් අලි දූෂණ චෝදනාවකට අදාළ ව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) ඉකුත් ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතරතුර සිදු වූ අක්‍රමිකතාවකට අදාළව බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේවෙතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ැති බව වාර්තා වනවා.
මේ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවයි.
එනිසා පවතින විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක් අලිට පැනවූ ක්‍රිකට් තහනම බල පැවැත්වෙන බව සඳහන්.