Latest News

ග්‍රීසියේ ළැව්ගිනි, රටින් අඩක්ම වෙළාගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයට අයත් රටක් වන ග්‍රීසිය මේ දිනවල අධික උෂණ්ත්වය හේතුවෙන් අසීමාන්තික ළැව්ගිනි වලින් පීඩා විඳිමින් සිටිනවා.

සඳුදා ග්‍රීසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (ෆැරන්හයිට් අංශක 102) දක්වා ඉහළ ගිය අතර පැයට කිලෝමීටර 50 (සැතපුම් 31) දක්වා සුළං වේගයක් පැවතුණා.

ළැව්ගිනි රටින් අඩක්ම වෙළාගෙන පැතිරෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

ගින්දර මැඩපැවැත්වීමට සිදුකළ උත්සාහයන් අසාර්ථකවූ නිසා ලැව්ගිනි පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමට ආ නිසා නව ඉවත් කිරීම් වලට නියෝග කළ බවයි ගිනි නිවන අංශ දන්වා ඇත්තේ.

මධ්‍යධරණී රටක් වන ග්‍රීසිය ග්‍රීෂ්ම කාලයේ ලැව් ගිනිවලට අතිශයින් ගොදුරු වන රටක් වනවා.

1960 න් පසු ග්‍රීසිය එහි උණුසුම්ම කාලය ජුනි සහ ජූලි මාසවල ගෙවා දැමූ අතර ලැව් ගිනි මහත් විනාශයක් සිදුකර තිබෙනවා.

නිවාස,වගාබිම් ගොඩනැගිලි රාශියක් ගිනිබත්ව ඇති අතර තවම විනාශය ගණනය කර අවසන් නැහැ.

පෙන්ටෙලි හි රෝහල් දෙකක්ද ගිනි හේතුවෙන් ඉවත් කර තිබෙනවා.

මේ අතර ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

පසුගිය ඉරිදා (11) හටගත් ලැව්ගිනි මේ වන විට අක්කර 25,000 ක පමණ පැතිර ඇති අතර, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ද ලැව් ගිනි හේතුවෙන් විනාශ වී තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today