Latest News

ගාසා තීරයේ සිටින අවුරුදු 05ට අඩු දරුවන් ගැන දුක හිතෙන අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ වෙසෙන වයස අවුරුදු පහට අඩු සෑම දරුවෙකුම මන්දපෝෂණයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීම ඊශ්‍රායලය අවහිර කිරීමත් සමඟ මේ වන විට එහි ජනතාව දැඩි සාගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

කුඩා දරුවන්ට අවශ්‍ය පෝෂණීය ආහාර කිසිවක් නොලැබෙන අතර වයස අවුරුදු පහට අඩු සියලු දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවටයි ජගත් සංවිධානය අනතුරු අඟවන්නේ.

ඔවුන් දැඩි ජීවිත අවදානමකට ද මුහුණ දී සිටින බව එම සංවිධානය පෙන්වා දෙනවා.

වයස අවුරුදු පහට අඩු දරුවන් තුන්ලක්ෂ විසිදහසක් පමණ ගාසා තීරය තුළ වෙසෙන බවයි ජගත් සංවිධානයට අයත් ලෝක ආහාර වැඩසටහන නිවේදනය කරන්නේ.

පෝෂණීය ආහාර , පිරිසිදු පානීය ජලය හා මව්කිරි ආදේශක නොමැති වීම හරහා කුඩා දරුවන් බහු අවයව අකර්මණ්‍ය වීමකට මුහුණ දීමේ දැඩි අවදානමක් පවතින බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ආහාර නොමැති වීමෙන් 181 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දරුවන් 94 දෙනෙකු ඊට අයත් වනවා.

World News

Send your contact Details Today