අමෙරිකාවේ විකුණන ලද iPhone වලින් බහුතරය දැන් ඉන්දියාවේ නිෂ්පාදනය වන ඒවා බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් එය ස්ථිරව තහවුරු කරමින් විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඇපල් සමාගමේ කාර්තුමය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයෙන් අනතුරුව, විශ්ලේෂකයින්ට අමතමින්.
මීට පෙර චීනය ඇමෙරිකාවට ඇපල් දුරකථන වැඩි වශයෙන් සපයා තිබුණා.
විදෙස් විශ්ලේෂකයින් සඳහන් කර තිබුණේ, ඇපල්ගේ ගෝලීය සැපයුම් දාමයේ දැවැන්ත වෙනසක් ලෙස මෙය සැලකිය හැකි බවයි.
කලක් iPhone නිෂ්පාදනය සඳහා ප්‍රමුඛස්ථානයක් වූ චීනය දැන් වැඩි වශයෙන් එක්සත් ජනපදයට නොව, ජාත්‍යන්තර වෙළඳපලවලට නිෂ්පාදනය කරන බවද ඔවුන් සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, මෙම සතියේ මුලදී අමෙරිකාව පාර්ශ්වය ඉන්දියානු භාණ්ඩ සඳහා තීරුබදු පැනවූවත්, ස්මාර්ට්ෆෝන්, පරිගණක හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නිඳහස්ව පවතිනවා.