චිත්‍රපට ප්‍රදර්ශනයක් අතරතුර සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ගුවහාටි හි PVR සිනමා ශාලාවක කොටසක් මෙලෙස කඩා වැටී තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ ‘මහාවතර් නර්සිංහ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටියදී මෙම සිදුවීම සිදු වූ අතර, උඩිස් ව්‍යුහයේ කොටසක් හදිසියේම කඩා වැටීමෙන් සුන්බුන් විසි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
සිනමා ශාලාවේ කාර්ය මණ්ඩලය ප්‍රදර්ශනය නවතා ප්‍රේක්ෂකයින් ඉවත් කර තිබෙනවා.
තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වෙනවා.
එරට බලධාරීන් විසින් සිනමා ශාලාව පරීක්ෂා කිරීම සඳහා මේ වන විට සිනමා ශාලාව තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම සිනමා ශාලාවේ සාප්පු සංකීර්ණ කළමනාකාරිත්වය සහ PVR නිලධාරීන් තවමත් මේ සිද්ධිය පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

