Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්කොන් තරගාවලියට කණ්ඩායම් නම් කෙරේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 ලෝක කුසලානය සහ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට සංවිධානය කරන තුන්කොන් විස්සයි 20 තරඟාවලියට අදාළ කණ්ඩායම් තුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

එම කණ්ඩායම් තුන නිල්, කොළ සහ අළු ලෙස නම් කර තිබෙන අතර අළු කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නිත්‍ය එක්දින හා විස්සයි 20 නායක චරිත් අසලංකට නම් කර තිබෙනවා.

එමෙන්ම නිල් කණ්ඩායමේ නායකත්වය යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටද, කොළ කණ්ඩායමේ නායකත්වය කමිඳු මෙන්ඩිස්ද නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මෙම තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරගය අගෝස්තු 16 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට අදාළ සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.

මූලික වටයේ තරයේදී සෑම කණ්ඩායමකටම තරඟ 04 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, එහිදී වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙකට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වනු ඇති.

World News

Send your contact Details Today