Latest News

පෞද්ගලික ක්‍රිකට් ලීග නියෝජනය කරන කණ්ඩායම් ගැන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෞද්ගලික ක්‍රිකට් ලීග නියෝජනය කරන කණ්ඩායම්වල රටේ නම භාවිත කිරීම තහනම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී ඇති වූ ඉන්දියා – පාකිස්තාන මතභේදයෙන් පසු, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගාවලියේ (WCL) දී ඉන්දියානු ක්‍රීඩකයින් ‘පාකිස්තාන ශූරයන්’ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පෞද්ගලික ක්‍රිකට් ලීග නියෝජනය කරන කණ්ඩායම්වල රටේ නම භාවිත කිරීම එම ක්‍රිකට් පාලක මණ්ඩලය මෙලෙස තහනම් කර ඇති බව සඳහන්.

පෙරේදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී සිදුකළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනාගතයේදී, පෞද්ගලික ලීග සඳහා රටේ නම භාවිත කිරීමට කිසිදු පෞද්ගලික සංවිධානයකට අවසර ලබා නොදෙනු බව පවසන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ‘පාකිස්තාන ශූරයන්’ කණ්ඩායමට දකුණු අප්‍රිකාවට එරෙහිව අද දිනයේ පැවැත්වෙන 2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට පමණක් පාකිස්ථාන නම භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

කිසියම් පෞද්ගලික සංවිධානයක් පාකිස්තා නම භාවිත කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙනු ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today