වසර තිස් තුනක සිය සිනමා දිවිය තුළ පළමු වරට ජාතික සම්මානයකින් පිදුම් ලැබීමට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්වී තිබෙනවා.
2023 වසරේදී තිරගත වූ, අට්ලී විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ජවාන්’ චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහුට මෙසේ හොඳම නළුවාට හිමි ජාතික සම්මානය හිමි වුණා.
විධු විනෝද් චොප්රාගේ ’12th Fail’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එම සම්මානයට පාත්‍ර වූ වික්‍රාන්ත් මැසී සමඟ ෂාරුක් ඛාන් මෙම සම්මානය සමව බෙදා ගැනීම විශේෂත්වයක්.
මෙම ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව, ෂාරුක් ඛාන් වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර, එහිදී ඔහුගේ අතක ප්ලාස්ටරයක් යොදා ඇති අයුරු දැකගත හැකියි.
චිත්‍රපට රූගත කිරීමකදී තුවාලවීමෙන් පසු ඇමරිකාවේ ප්‍රතිකාර ලැබීම් අතරතුර එම වීඩියෝව නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝව හරහා ඔහු ඉන්දීය රජයට, ජූරි සභාවට, සිය කණ්ඩායමට, රසිකයින්ට සහ පවුලේ අයට සිය ස්තූතිය පුද කර තිබුණා.