Latest News

නේපාලයට ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය හිමිවෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරකත්වය නේපාලයට හිමිව තිබෙනවා.

ඒ අනුව එම තරගාවලිය ලබන වසරේ ජනවාරි 12 සිට පෙබරවාරි 2 දක්වා පැවැත්වෙනු ඇති.

අදාළ තරග කත්මණ්ඩු හි මුල්පානි හි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ජුනි-ජූලි මාසවල එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන 2026 කාන්තා පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ස්ථාන හතරක් සඳහා මෙහිදී කණ්ඩායම් දහයක් තරඟ වදිනු ඇති.

කෙසේවෙතත් සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා මේ දක්වා කණ්ඩායම් පහක් පමණක් සහභාගී වන බව තහවුරු කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

2026 දී පැවැත්වෙන මෙම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් 12 ක් සහභාගී වනවා.

2024 දී ක්‍රීඩා කළේ කණ්ඩායම් දහයක් පමණයි.

World News

Send your contact Details Today