හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ ‘පිතිකරණ පුහුණුකරු’ ලෙස පත් කර තිබෙනවා.
ඔහු අගෝස්තු 16 වනදා කණ්ඩායම සමඟ වැඩ කිරීමට පටන් ගන්නා අතර ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලිය අවසන් වන තෙක් රැඳී සිටිනු ඇති.
එංගලන්තයේ හිටපු පිතිකරුවා ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ලකුණු 7,727ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 42.69ක් ලෙසයි.
එමෙන්ම ඔහු ටෙස්ට් ශතක 22ක් ලබාගෙන තිබෙනවා.
“අපි ඉයන්ව පත් කළේ ක්‍රීඩකයන්ට එහි කොන්දේසි පිළිබඳ ප්‍රධාන අවබෝධයක් ලබා දීම සඳහා දේශීය දැනුමක් ඇති පුද්ගලයෙකු ගෙන ඒමටයි. ඉයන්ට එංගලන්තයේ ක්‍රීඩා කර අත්දැකීම් රාශියක් ඇති අතර, ඔහුගේ දායකත්වය මෙම තීරණාත්මක සංචාරයේදී අපගේ කණ්ඩායමට ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරමු,” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවා.