Apple සමාගම විසින් iOS 18.6 යාවත්කාලීන කිරීම පසුගිය වසරේ නිකුත් කළා.
ඒ එයට හදිසි ආරක්ෂක නිවැරදි කිරීම් 29 ක් ඇතුළත් කරමින්.
සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවන්නේ තම දත්ත හැකර්වරුන්ට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා පරිශීලකයින් හැකි ඉක්මනින් මෙම යාවත්කාලීන කිරීම කළ යුතු බවයි.
Apple සමාගම පැවසුවේ WebKit ලෙස හැඳින්වෙන වෙබ් අන්තර්ගත පෙන්වීමේ tools සම්බන්ධව තවත් වැදගත් නිවැරදි කිරීම් කිහිපයක් iOS 18.6 තුළ අන්තර්ගත වී ඇති බවයි.
එමඟින් Safari හරහා වංචනික වෙබ් අඩවිවලින් පරිශීලක තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පවතීද යන්න දැනගත හැකි වනවා.
මෙම යාවත්කාලීනය iPhone XS සිට උසස් මාදිලි සඳහා අදාළ වනවා.
iPhone 17 සහ iOS 26 මෙම වසරේ අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී නිකුත් වනු ඇති නිසා, iOS 18.6 යනු වර්තමාන iPhones සඳහා ඇති අවසන් යාවත්කාලීන කිරීමයි.
දුරකතනයේ Settings > General > Software Update වෙත ගොස් ‘iOS 18.6 Install Now’ හෝ ‘Download and Install’ තෝරා පහසුවෙන් මෙම යාවත්කාලීන කිරීම භාගත හැකියි.