Latest News

අඟහරු ගැන තිබූ සැකයක් දුරුවෙයි – හැමෝම මවිත කරමින් විද්‍යාඥයන් සොයා ගත් දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අඟහරු ග්‍රහයා පිළිබඳ නවතම අධ්‍යයනයකින් එහි ග්ලැසියර බහුතරය පිරිසිදු ජල අයිස් වලින් සමන්විත බව අනාවරණය වී තිබෙනවා.

සමහර ස්ථානවලදී ඒවායේ 80% කට වඩා පිරිසිදු අයිස් පවතින අතර, කිසිඳු ආශ්‍රිත අපද්‍රව්‍යයකින් තොරව එම අයිස් පිරිසිදු විය හැකි බවද විද්‍යාඥයන් විසින් විදෙස් මාධ්‍යට පෙන්වා දී තිබෙනවා.

මෙම පිරිසිදු ජල අයිස්, අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ජලය, ඔක්සිජන් සහ රොකට් ඉන්ධන වශයෙන් භාවිත කළ හැකි දැයි, දැඩි විශ්වාසදායක් විද්‍යාඥයින් තුළ පවතිනවා.

NASA ආයතනයේ SHARAD (Shallow Radar) උපකරණය භාවිතයෙන් මේ ග්ලැසියරවල ජල අයිස් සහ පාෂාණ අනුපාතය මැනීම සිදු කර ඇති අතර, රේඩාර් තරංග වල විකිරණ ගතිය මැනීමෙන් මෙම විශ්ලේෂණ සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අධ්‍යයනයෙන් අනාවරණය වූ තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ග්ලැසියරවල අයිස්, දූවිලි සහ සුන්බුන් ආවරණයකින් ආරක්ෂා වී ඇති නිසා, අඟහරු ග්‍රහයාගේ දැඩි පරිසර තත්ත්වවලට එරෙහිව ඒවා ස්ථාවරව පවතින බවයි.

ඇරිසෝනා විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන අයිසැක් ස්මිත් විදෙස් මාධ්‍යට පවසා තිබුණේ, විවිධ ස්ථානවලින් ලැබුණු දත්ත සැසඳීම අපහසු වුවද, ග්ලැසියරවල සංශුද්ධතා මට්ටම නිරන්තරම ඉහළ අගයක පවතින බවයි.

ඔහුට එකඟ වමින්, ඊශ්‍රායලයේ වයිස්මන් විද්‍යා ආයතනයේ මහාචාර්ය ඕඩෙඩ් අහරොන්සන් විදෙස් මාධ්‍යට සඳහන් කර තිබෙන්නේ, ”ඔවුන්ට පෙනෙන්නේ මේවා සම්පූර්ණයෙන්ම හෝ බොහෝ පිරිසිදු අයිස් නිධි ලෙස වර්ධනය වී තිබෙනවා” යනුවෙන්.

මෙය අනාගතයේදී අඟහරු ග්‍රහයෙහි මානව ජීවිත ස්ථාපනයේ දැඩි උදව්වක් විය හැකි බවයි ඔවුන් අදහස් කරන්නේ.

අධ්‍යයනයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙම අයිස් ග්ලැසියර වර්ධනය වී ඇත්තේ වායුගෝලීය වර්ෂාපතනය හෝ ඝනීභවනය හරහා බවත්, එය පෘථිවියේ ඇන්ටාක්ටිකාව සහ ඇලස්කාව වැනි ස්ථානවල ග්ලැසියර සෑදීමේ ක්‍රියාවලියට සමාන බවක් පෙනී යන බවයි.

World News

Send your contact Details Today