Latest News

AI සමඟින් Facebook එකට වෙනසක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

AI Meta සමාගමට ඇතුළත් Facebook සමාජ මාධ්‍ය පද්ධතිය තුළ පසුගිය මාස කීපයේදී වැඩි දියුණු වී තිබෙන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බග් පවසනවා.

ඒ අනුව ආරම්භයේදී එය මන්දගාමීව තිබුණ ද මේ වනවිට Facebook සමාජ මාධ්‍යට අයත් සියලුම පද්ධති තුළ AI වැඩිදියුණු වී ඇති අතර සිතාගත නොහැකි නව නිර්මාණ කිරීමට සහ සොයා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි සකබර්ග් පවසන්නේ.

AI හෙවත් සුපිරි බුද්ධිය Meta සමාගමට අයත් සියලු සමාජ මාධ්‍ය තුළින් තම පරිශිලකයින්ට ලබාදීමට හැකිව තිබෙනවා.

ඒ මඟින් සියලු වටිනා කාර්යයන් ස්වයංක්‍රීය කිරීම සඳහා යොමුවීමට මෙන්ම ඔවුන්ගේ පුද්ගලික අභිලාෂයන් පසුපස හඹා යාමටද පහසු වනු ඇති බවයි සකර්බර්ග් පෙන්වා දෙන්නේ.

එමෙන්ම සුපිරි බුද්ධියේ ප්‍රතිලාභ හැකිතාක් පුළුල් ලෙස ලෝකය සමඟ බෙදා ගත යුතු නමුත් එය නව ආරක්ෂක ගැටළු මතු කරනු ඇතැයි සකර්බර්ග් සඳහන් කළා.

ඒ සදහා අවශ්‍ය දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැගීමට සම්පත් සහ විශේෂඥතාව මෙන්ම තම නිෂ්පාදන හරහා බිලියන සංඛ්‍යාත ජනතාවට නව තාක්ෂණය ලබා දීමේ හැකියාව සහ කැමැත්ත Meta සමාගම සතුව තිබීම සතුටුදායක බවයි මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් කියාසිටියේ.

World News

Send your contact Details Today