කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 16 වැනිදා සිට එය සේවයට යෙදවීමට නියමිතයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරයකයින්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බවයි.
ආසන 350කින් සමන්විත එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතයි.
ඉරිදා රාත්රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.