ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ නිලවරණය අගෝස්තු මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ නාමයෝජනා භාර ගැනීම ඊයේ (30) අවසන් වූ අතර එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ විධායක කමිටුවේ ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් නාමයෝජනා 21ක් ඉදිරිපත් වී තිබුණා.
නව ක්‍රීඩා රෙගුලාසිවලට අනුව වත්මන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ලේකම් සමන් කුමාර ගුණවර්ධන ඇතුළු හය දෙනෙකුට මෙවර නිලවරණයට ඉදිරිපත්වීමට නොහැකි වනවා.
එහිදි සභාපති ධුරය වෙනුවෙන් හිටපු මලල ක්‍රීඩක සහ හිටපු සභාපතිවරයකු වූ සුනිල් ගුණවර්ධන, මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිංහ සහ වත්මන් මලල ක්‍රීඩා උප සභාපති ප්‍රසන්න ඉන්දික යන මහත්වරුද නාමයෝජනා භාර දී තිබෙනවා.