එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මස අගදී සිම්බාබ්වේ සංචාරය ආරම්භ කිරීමට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී (SSC) කණ්ඩායම් 3කට බෙදී විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට සූදානම් වනවා.
අගෝස්තු මස 7 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යන කණ්ඩායම්වලින් පිටියට පිවිසෙනු ඇති.
මෙම තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ අපේක්ෂාවයි.
නිමාවට පත්වූ බංග්ලාදේශ තරගාවලියට එක්වූ ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයන් මේ තරගාවලියට එක්කරගෙන තිබෙනවා.
මූලික වටයේ අවසානයේදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක අගෝස්තු 16දා SSC ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු හා දෙවන එක්දින තරගය අගෝස්තු 29 හා 31 දිනවල පැවැත්වෙන අතර, සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල විස්සයි20 තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
මේ සියලුම තරග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.