Latest News

ශ්‍රී ලංකාවේ බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට WhatsApp අංකයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට WhatsApp අංකයක් හදුන්වා දී තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දී අද (30) එම අංකය හදුන්වාදීම සිදුකෙරුණා.

ඒ අනුව මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේ.

මෙම අංකය ඇතුළත් ස්ටිකර් බස් රථවල ඇලවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

එම අංකය 0712595555 ලෙස වන අතර මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද සිය ගැටලු මෙමඟින් ඉදිරිපත් කළ හැකියි.

World News

Send your contact Details Today