Latest News

මෙම වසරේ දැක ගැනීමට හැකිවන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේදී

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ දැක ගැනීමට හැකිවන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන ”සදන් ඩෙල්ටා ඇක්වාරිස්” උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව බව අභ්‍යවාක විද්‍යාඥ, ඉන්ජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව ”සදන් ඩෙල්ටා ඇක්වාරිස්” ලෙස නම් කිරීමට හේතුව ලෙස ඔහු පවසන්නේ මෙහි දැක ගැනීමට පුළුවන් වන ඇක්වාරිස් නැතහොත් ”කුම්භ” ‍යන තාරුකා ආශ්‍රිතව වීම නිසා බවයි.

මෙම උල්කාපාත වර්ෂාව රාත්‍රී 9.00ට පමණ නැගෙනහිර දිශාවෙන් ඉහළට මතු වෙන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව උල්කාපත වර්ෂාව රාත්‍රී 9.00 පසුව ඕනෑම අවස්ථාවක දැක ගැනිමට හැකි වෙනවා.

රාත්‍රී 9.00 සිට උදෑසන කාලය දක්වා අහසේ මුදුන් වී පසුව අහසේ බටහිර දිශාවට ගමන් කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙය නිරීක්ෂණය කිරීමට සුඳුසු වෙලාව ලෙස ඔහු පැවසුවේ මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාව වන අතර, ඒ වේලාව වනවිට තාරුකා රාශිය ඉහළින් පවතින නිසා පැහැදිලිව දර්ෂණය වන බවයි.

එවැනි අවස්ථාවක උල්කාපත වර්ෂාව ආශ්‍රිතව උල්කාපත 15 සිට 25 ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.

උල්කාපත වර්ෂාව පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී එහි සිදු වන්නේ, වල්ගා තරුවකින් නිකුත් වෙන පාෂාන සහ දූවිලි කොටස් පවතින ප්‍රදේශයක් හරහා පෘතුවිය ගමන් කිරීමයි.

එහිදී එම දූවිලි කොටස් පෘතුවි වායුගෝලයට ඇතුළු වී වායුගෝලයත් සමඟ අන්තර් ක්‍රියා කිරීමේදී මෙවැනි උල්කාපත නිරීක්ෂණය වන බවයි ඔහු වැඩිදුරටත් පැවසන්නේ.

සාමාන්‍යයෙන් රාත්‍රී අහසේ උල්කාපාත කිහිපයක් නිරීක්ෂාණය වූවත්, උල්කාපාත වර්ෂාවකදී උල්කාපාත වැඩි ප්‍රමාණයක් එනම්, සාමාන්‍යයෙන් 15ක් 20ක් ප්‍රමාණයක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් නිරීක්ෂණය විය හැකියි.

ඊට අමතරව මෙම දිනවල ”ඩෙල්ටා ඇක්වාරිස්” තරුකා රාශිය අසල සෙනසුරු ශ්‍රහයාද දැක ගැනීමේ හැකියාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

මෙවැනි ආකාරයේ අභ්‍යවකාශයේ සිදුවන සිදුවීම් දරුවන්ට ඉතා වැදගත් වන අතර, අතීතයේ සිටම අධීක්ෂණය කරන විෂයක් නිසා උල්කාපාත නිරීක්ෂනය කිරිම මඟින් අභ්‍යවකාශ විද්‍යාවට තිබෙන උනන්දුව හා ආශාව තවත් වැඩිවන බවයි ඔහු පැවසුවේ.

World News

Send your contact Details Today