Latest News

ඉන්දි­යාවේ බ්‍රාහ්මෝස් මිස­යි­ල­යට ජාත්‍ය­න්තර ඉල්ලු­මක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දි­යාවේ නිෂ්පා­දිත බ්‍රාහ්මෝස් අධි­බ­ලැති මිස­යිල සඳහා ජාත්‍ය­න්තර ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසු පාකි­ස්තා­නයේ ත්‍රස්ත ඉලක්ක වෙත පහ­ර­දී­මට ඉන්දි­යාව භාවිත කළ බ්‍රාහ්මෝස් මිස­යි­ලයේ සාර්ථකත්වය ඊට හේතු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

ඉන්දි­යාවේ සහ රුසි­යාවේ සහ­යෝ­ගි­තා­වය තුළින් නිප­ද­වනු ලබන බ්‍රාහ්මෝස් මිස­යිල උප­රිම වශ­යෙන් කිලෝ­මී­ටර් 800ක් දුර­කට එල්ල කළ හැකි බවද, විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

දකුණු චීන මුහුදේ සිය ආර­ක්ෂක කට­යුතු ශක්ති­මත් කිරීම අර­මුණු කර­මින් විය­ට්නා­මය බ්‍රාහ්මෝස් මිස­යිල සඳහා ඉන්දි­යාව සමඟ අමෙ­රි­කානු ඩොලර් මිලියන 700ක ආර­ක්ෂක ගිවි­සු­ම­කට එළැ­ඹී­මට නිය­මිත බවත්, අත්ලා­න්තික් සාග­රයේ ආර­ක්ෂක කට­යුතු පුළුල් කිරීම අර­මුණු කර­මින් සිය නාවික හා ගුවන් හමුදා සඳහා බ්‍රාහ්මෝස් මිස­යිල මිලදී ගැනී­මට බ්‍රසී­ලය කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වනවා.

මැද­පෙ­ර­දිග කලා­පයේ සිය ආර­ක්ෂක කට­යුතු ශක්ති­මත් කිරීමේ අර­මු­ණින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද බ්‍රාහ්මෝස් මිස­යිල මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡා පව­ත්ව­මින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today