දකුණු-බටහිර ජර්මනියේ දී ඊයේ (27) දින පස්වරුවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවයි.
එසේම ස්ටුට්ගාර්ට් නගරයේ පොලීසිය විසින් ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය මායිම් වන ජර්මනියේ රීඩ්ලිංගන් සහ මුණ්ඩර්කිංන් (Riedlingen and Munderkingen) නගර අතරදී දුම්රිය මැදිරි දෙකක් පීලි පැන තිබෙන බව වාර්තා කර තිබෙනවා.
එහිදී දුම්රියේ පුද්ගලයන් 100ක් පමණ සිටි බවට පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් අඳාළ අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.